සරුන්ගල් සැණකෙලිය

පළාත් සංගීත තරග

වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය - 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

 

දින දින සව්සිරි බරිනි දිනේවා
කිතගොස දසදෙස හී පතුරාලා
ගොකරැලි මැදි මහ විදුහල් මාතා
දින දින සව්සිරි බරිනි දිනේවා

 

ලලිත කලා සහ සාහිත විදු සිප්
විරුවන් බිහිකොට ජය දද නංවා
නමදිමු සමරමු ප්‍රබෝධය ලබා
ගොකරැලි මැදි මහ විදුහල් මාතා
දින දින සව්සිරි බරිනි දිනේවා

 

හෙල බස හෙළ දැය දෙස රැකුමට
ධෛර්ය ගන්වා ශක්තිය වඩවා
පෙරටමයන නිති ජය හඬ පතුරා
ගොකරැලි මැදි මහ විදුහල් මාතා
දින දින සව්සිරි බරිනි දිනේවා

 

ජාතික ජීවය ජාතික රුධිරය
කැප කල පැරකුම් ගැමුණු පුතා වැනි
ධීර වීර දරුවන් බිහි කරවන
ගොකරැලි මැදි මහ විදුහල් මාතා
දින දින සව්සිරි බරිනි දිනේවා